Friday, June 13, 2014

තුන් ප්‍රකාර මිනිසුන් හා ඔවුන්ගේ ලක්ෂණයන් ( ජම්මිකයෝ මාංශිකයෝ හා ආත්මිකයෝ)

දේවගැති අමල් රාජ් විසින් පෙන්තකොස්ත ඉරැ දින අනුරාධපුර අපෝස්තලික දේවස්ථානයේදි කල දේශනාව

Wednesday, June 11, 2014

පෙන්තකොස්ත මංගල්‍යය


පෙන්තකොස්ත මංගල්‍යය


          ඊශ‍්‍රායෙල් ඡුනයා අතර වු විශේෂිත මංගල්‍යයන් අතර පෙන්තකොස්ත මංගල්‍යය විය. ශි‍්‍ර ලංකාවේ කිතුණු සභාවන් අතර වන පෙන්තකොස්ත භක්තිකයින් පිළිබඳ දැනුවත් වීම වැදගත්ය. මෙම ලිපිය මගින් පුරාණ ගිවිසුමෙහිවු පෙන්තකොස්ත මංගල්‍යය හා නව ගිවිසුමෙහි පෙන්තකොස්ත දිනය පිළිබඳව සලකා බලමුව. මෙය අස්වැන්න මංගල්‍ය ලෙසද දැක්විය හැකිය. ඊශ‍්‍රායෙල් ඡුනතාව ගොවිතැන් කොට පළමුවෙන් කපාගත් ගොයම් මිටිය දෙවි සමිදුන්ට පුදකල දිනට පසු සබත් දවසේ සිට සබත් 7ක් ගණන් කල යුතු විය. හත්වන දිනට පසු පැමිණෙන පනස් වැනි දිනදිී නව ධාන්‍ය පුඡුාවක් දෙවි සමිදුන්ට පුදකල යුතු විය. 


Thursday, June 5, 2014

මහිමයේ භාෂාව


මහිමයේ භාෂාව


එක්වරකදී 50,000 ක් අන්‍ය භාෂාවෙන් කතා කරති.

මම අන්‍ය භාෂාවෙන් කතා කිරිමේ බලය විශ්වාස කරමි. මම එය විශ්වාස කරන්නේ මාගේ ජිවිතයේ එම බලය අත්දැක තිබෙන නිසාත් එමෙන්ම අනෙක් අයගේ ජිවිතවලින් එම අත්දැකිම ලබා ඇති බැවිනුත්ය. එක්තරා රාති‍්‍රයක මම පැය තුනක් පමණ මහත්  ඕනෑකමින් හා උද්යෝගයෙන් අන්‍ය භාෂාවෙන් යාච්ඤා කළෙමි. යාච්ඤා කරන්නේ කුමක් ගැනද කියා මා නොදැන සිටියත් මා එක්තරා වැඳගත් කරුණක් සම්බන්ධව ජය පතමින් යාච්ඤා කරන ලද බව මට හැඟි ගියේය. මම භියට පත්ව හෝ කනස්සල්ලට පත්ව නොසිටියෙමි. මම විශ්වාසවන්තව ස්වාමින්වහන්සේ මා නිදහස් කරන තුරු යාච්ඤා කළෙමි.


සෑම කිතුණුවෙකුට ශුද්ධාත්ම බෞතිස්මය ලැබිය හැකිය.


සෑම කිතුණුවෙකුට ශුද්ධාත්ම බෞතිස්මය ලැබිය හැකිය.

ශුද්ධයි........ ! ශුද්ධයි........ !  ශුද්ධයි........ ! 

යහපත් මනුෂ්‍යයා තමාගේ හිතෙහි වු යහපත් සම්පතෙන් යහපත් දේද, නපුරු මනුෂ්‍යා නපුරු සම්පතෙන් නපුරු දේද, පිටතට ගෙනෙන්නේය. මක්නිසාද මුඛය කතා කරන්නේ හිතේ පුර්ණකමින්ය.(ලූක් 6:45)

අපි කිතුණු ජිවිතයේ සහ චරිතමය ශුද්ධවත්භාවය ගැන උගන්වමු , දේශණා කරන්නෙමු. ශුද්ධාත්ම පූර්ණත්වය සහ කිතුණු ජිවිතයේ හා චරිතයේ ශුද්ධභාවය ඉතා වැඳගත් කරුණකි.

     

ශි‍්‍ර ලංකාවේ පෙන්තකොස්ත ව්‍යාපාරය

ශි‍්‍ර ලංකාවේ පෙන්තකොස්ත ව්‍යාපාරය


පළමු යුගය - 1907- 1923


ලෝකයේ පෙන්තකොස්ත ව්‍යාපාරයේ ආරම්භක වකවානුවේම ශි‍්‍ර ලංකාවට ශුද්ධාත්ම ජිවනය හා ආලෝකය උදාවීම විශේෂිතය. 1907 දී ශි‍්‍ර ලංකාවට පැමිණි පෙන්තකොස්ත කිතුණුවෙකුවු ඇල්ප‍්‍රඞ් ගුඩරිච් ගාර්ගේ දේව සේවයෙන් ඩි. ඊ. ඩයස් වනිගසේකර පෙන්තකොස්ත පණිවිඩය ඇසු අතර ඔහු 1910 දී ඉන්දියාවේියිසබාද්හිදී ශුද්ධාත්ම බෞතිස්මය ලබා ඇත. වනිගසේකරගේ දේව සේවය තුල ගෘහ රැස්වීම්, රෝගිීන්ගේ සුවය සදහා යාච්ඤා කිරිම් හා අන්‍ය භාෂා සහිත ශුද්ධාත්මය අත්දුටු බවට ඔහු වාර්තා කර ඇත. බැප්ටිසම් සංගමයේ ජේ. ජේ. බි. ද. සිල්වා ද මෙම යුගයේදි ඉන්දියාවට ගොස් ශුද්ධාත්ම බෞතිස්මය සෙවු බව වාර්තා වෙයි.

About