Friday, March 29, 2019

ඊශ්‍රායලයෙන් ලොව දීර්ඝතම ලුණු අඩංගු ගුහාව සොයාගැනේ

ලොව දීර්ඝතම ලුණු අඩංගු ගුහාව ඊශ්‍රායලයෙන් සොයාගෙන ඇති බව ඊශ්‍රායල් පර්යේෂකයින් පිරිසක් පසුගියදා ප්‍රකාශ කළේය.
එය පිහිටා ඇත්තේ එරට කාන්තාර ප්‍රදේශයකය.
පුරාණයේ විසූ ලොට් නම් ආගමික ශාස්තෘවරයෙකුගේ භාර්යාව එම ප්‍රදේශය තුළදී ලුණු ස්ථම්භයකට පරිවර්තනය වූ බව බයිබලයේ පුරාවෘත්තයක සඳහන් වෙයි.
ඊශ්‍රායලයේ විශාලතම කන්ද වන සෝඩම්  හරහා දිවෙන මෙම ලුණු ගුහාව නම්කර  ඇත්තේ  මැල්හෙම් ලෙසටය.
භූගත මාර්ග සහ කුටීර වලින් සමන්විත එය කිලෝමීටර් 10ක් පමණ දිගින් යුතු බව සඳහන්ය.
යාබදව පිහිටි මළමුහුදේ නිරිතදිග කෙළවර දක්වා විහිදී ඇති එය සුවිශේෂී පිහිටිමකින් යුතු බව විදෙස් වාර්තා පවසා සිටියි.
මෙම නව සොයාගැනීම සිදුකර ඇත්තේ ජෙරුසෙලමේ Hebrew විශ්ව විද්‍යාලයේ මූලිකත්වයෙන් ආරම්භ කළ කැණීම් කටයුතු අතරතුර වන අතර ඒ සඳහා රටවල් නවයක පර්යේෂකයින් සම්බන්ධ වුණි.
ඔවුන් මෙම ලුණු ගුහාව සිතියම්ගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ මීට දෙවසරකට පෙර බව එම වාර්තාවල සඳහන්ය.
මේ අතර මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කියනු ලැබුවේ මීටර් 6850ක දිගින් යුතු ඉරානයේ ත්‍රී නියුඩ් ලුණු ගුහාවයි.

No comments:

Post a Comment

About