Thursday, May 23, 2019
සුදු සිංහාසන විනිශ්චය නම් කුමක්ද?
සුදු සිංහාසන විනිශ්චය පිළිබඳව එළිදරව් 20:11-15 හී විස්තර කර ඇත. එමෙන්ම විනිශ්චයේ අවසානයේදී වැරදි කරුවන් ගිනි විලට හෙලනු ලැබේ. අපි එළිදරව් 20:7-15 හී දකිනවා මේ විනිශ්චය සහස්‍රයට හා සාතන්ට පසුව සිදුවන බවට, මුර්ගයාව, බොරු අනාගත වක්තෘන් ගිනි විලට හෙලනු ලැබේ (එළිදරව් 20:7-10). විවෘත පොත් (එළිදරව් 20:12) සියළු දෙනාගේ ඔප්පු පිළිබඳව කථා කරයි. ඒවා යහපත් හෝ අයහපත් වූවත් පවසා ඇති සියළු දේ දෙවියන් වහන්සේ දන්නා සේක, සිදුවී ඇති දේවල්, එමෙන්ම සිතුවිලිද, උන් වහන්සේ සියලු දෙනාට යුතු ලෙස විපාක හෝ දඬුවම් දෙනු ලැබේ (ගීතාවලිය 28:4; 62:12; රෝම 2:6; එළිදරව් 2:23; 18:6; 22:12).
සවර්ග හා නව පොළොව යනු කුමක්ද?
බොහෝ මනුෂ්‍යන් සැබවින්ම ස්වර්ගය කුමන වගේද යන්න වැරදියට වටහාගෙන ඇත. එළිදරව් 21-22 පරිච්ඡේදයන් හී අපිට නව යෙරුසලම හා නව පොළොව පිළිබඳව පැහැදිලි තොරතුරු අපට ඉදිරිපත් කරයි. අන්තීම කාල සිදුවීම් වලට පසුව දැන් පවතින ස්වර්ග හා පොළොව පහවෙලා අළුත් ස්වර්ග හා පොළොව පැමිණේ. එය නම් ඇදහිලිවන්තයන් සදාකාලය ගත කරන්ට යන ස්ථානය නම් නව පොළොව. නව පොළොව නම් “ස්වර්ගය” එහි තමයි අපි සදාකාලිකව වසන්නේ. නව යෙරුසලම නම් නව පොළොවයි, ස්වර්ගීය (දිව්‍යමය) නගරය, නැවත පිහිටුවයි. නව පොළොවේ දොරටු පලිඟු වලින් හා මාර්ග රත්රන් වලින් සාදා ඇත.
ස්වර්ගය-නව පොළොව-නම් අපි මහිමාන්විත ශරීරයක් ඇතිව සාදකාලික වාසය කරන ස්ථානයයි (1 කොරින්ති 15:35-58). ස්වර්ගය “වලාකුළු තුළ” තිබෙන බවට අදහස් ඇත. එය බයිබලානුකුල නොවේ. අදහස් වන දෙයක් නම් අපි “ස්වර්ගය වටා පාවෙන ආත්ම” එයත් බයිබලයට පටහැනියි. ස්වර්ගය නම් ඇදහිලිවන්තයන් අත් විඳින්ට යන නව සම්පූර්ණ ලෝකයකි, එය තුළ අපි වසන්ට යන්නේය. නව පොළොව නපුර, රෝග, දුක්විඳීම හා මරණය යන පාපයෙන් නිදහස්ය. එය අපි දැන් ජීවත් වන පොළොවට සමානය. නැති නම් අපගේ වර්ථමාන පොළොව නැවත මවා ඇති බවය, නමුත් පාපයේ ශාපය නොමැතිව.
නව ස්වර්ග පිළිබඳව මොනවාද? මතක තබා ගත යුතු වැදගත් දෙය නම් පුරාණයන්ගේ මනසේ “ස්වර්ග” අහස හා ගුවන පිළිබඳව කථා කිරීමයි. එමෙන් දෙවියන් වහන්සේ වැඩ සිටින රාජධානිය ලෙසද වේ. එමනිසා එළිදරව් 21:1 හී නව ස්වර්ගය ආමන්ත්‍රණය කරන විට ඉන් අදහස් වන්නේ මුළු විශ්වයම අළුත් පොළොවක් මවයි, නව අහස, නව අභ්‍යවකාශය ඉන් අදහස් වන්නේ දෙවියන් වහන්සේගේ ස්වර්ගය නැවත මවන බවටයි. විශ්වයේ ඇති සියල්ලට “අළුත් (නැවුම්) ආරම්භයක්” දීම ශාරීරික හෝ ආත්මික හෝ වේවා. අපිට සදාකාල ස්වර්ගයට බලපත්‍ර ලැබේද? සමහරවිට, නමුත් එය දැන ගැනීමට අපිට ටිකක් ඉවසන්නට වේ. ස්වර්ගය පිළිබඳව තේරුම් ගැනීමට දේව වචනය අපිට ඉගැන්වීමට අප ඉඩදීමට අවශ්‍යය.

Monday, May 20, 2019
ස්වර්ගයේ දී අප කුමක් කරයි ද?
ලූක් 23:43 හි සදහන් පරිදි යේසුස් වහන්සේ මෙසේ වදාල සේක. ඇත්තෙන්ම මම ඔබට කියමි. ඔබ මා සමග අදම පාරාදිසයෙ හි සිටින්නෙහි ය. යේසුස්වහන්සේ පාවිච්චි කල පාරාදිසය (පාරාදිසොස්) යන වචනයේ තේරුම වනුයේ උද්‍යානය, වනාන්තර හා පලතුරු උයන හෝ අනන්ත සැපතැති ස්ථානය යනුවෙනි. යේසුස්වහන්සේ වදාලේ අද නුඹ මා සමග පාරාදිසියේ සිටින්නේ ය. යනුවෙන් මිස වලාකුල් මත කියා නොවේ. යේසුස් වහන්සේ උද්‍යානයක් යන වචනය උපුටා ගත්තේ හුදෙක් ඕනෑම උද්‍යානයක් ගැන නොව, අප සදහා අනාගත සතුටගෙන දෙන දෙවියන්වහන්සේගේ පාරාදිසය හෝ දෙවියන්වහන්සේගේ උද්‍යානය ගැනය (එලිදරව් 2:17). මෙය අපට නිරස වෙන ස්ථානයක් ලෙස දැනේ ද? ඔබ උද්‍යානයක් ගැන සිතන විට, ඔබ විඩාපත් සොබාවක් ගැන සිතනවාද?
යේසුස්වහන්සේ මෙසේ වදාල සේක. නුඹේ දෙවි ස්වමීන්වහන්සේට නමස්කාර කරන්න. උන්වහන්සේට පමණක් සේවය කරන්න (මතෙව් 4:10). යේසුස් වහන්සේ ප්‍රශංසාකර සේවය කරන්න. යනුවෙන් වදාලේ නැති බව දැනගැනීම වැදගත් ය. බයිබලය කෙටියෙන් පරීක්ෂා කර බැලීමේ දී පවා ප්‍රශංසා යන වචනය පෙන්වන්නේ එය වාචික ක්‍රියාවක් බවත් එහි බොහෝ අවස්ථාවන් හී ගී ගැයීමට සීමා වී ඇති බවත් ය. කෙසේ වුවද ප්‍රශංසාව හදවත තුලින් නිකුත් වේ. නමස්කාරය තුල ප්‍රශංසාව පෙන්නුම් කරයි. දෙවියන්වහන්සේට සේවය කිරීම නමස්කාර කිරීමක් වන අතර, අප ස්වර්ගයේ දී දෙවියන්වහන්සේට සේවය කරන බව ශුද්ධ ලියවිලි මගින් පැහැදිලි වේ. උන්වහන්සේගේ සේවකයෝ උන්වහන්සේට නමස්කාර කරන්නෝ ය (එලිදරව් 22:3).
අපගේ පව් නිසා මෙම ජීවිත කාලයේ දී දෙවියන්වහන්සේට සම්පූර්ණයෙන් සේවය කිරීමට නොහැකි නමුත්, ස්වර්ගයේ දී කිසි ශාපයක් තවත් එහි නොවන්නේ ය (එළිදරව් 22:3).
පාපයේ ශාපයට අප තව දුරටත් යටත් නොවන බැවින්, අප කරන සියඵ ක්‍රියාවන් ට ස්වර්ගයේ නමස්කාරයක් වේ. දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ආදරය හැර වෙන කිසිම දෙයකින් අපව කිසිදිනක දිරි ගැන්විය නොහැක. අප කරන සෑම දෙයක්ම අපගේ පාපිෂ්ඨ ස්වභාවයෙන් පඵදු වූ සිතකින් නොව උන්වහන්සේ කෙරෙහි අපගේ ආදරය නිසා සිදු වේ.
එබැවින් අප ස්වර්ගයේ කුමක් කරමු ද? එක් දෙයක් නම් අපි මෙහි දැක්වෙන කරුණු ගැන දැනුවත් වෙමු. එනම් උන්වහන්සේගේ සිත තේරුම්ගත්තේ කවරෙක් ද? උන්වහන්සේට පුරෝහිතයා වූයේ කවරෙක් ද? (රෝම 11:34) උන්වහන්සේ තුල ප්‍රඥාවේත් දැනගැන්මෙත් සකලධන සම්භාරය නිදන් වී ඇත (කොලොස්සි 2:3). දෙවියන්වහන්සේ උසස් සහ උදාර සදාකාලික ශුද්ධ ස්ථානයේ වසන තැනත්වහන්සේ ය (යෙසායා 57:15). දෙවියන්වහන්සේ අනන්තයට වඩා විශාල වන අතර සියඵ සැදැහැවතුන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ දිගත්, පලලත්, උසත්, ගැඹුරත් වටහා ගැනීම (එපීස 31:18–19) සදහා කල්පයක් කල් ගත වනු ඇත. වෙනත් වචන වලින් කිවහොත් අප හට දැනුවත් වීමේ නිමාවක් නොමැත.
දෙවියන්වහන්සේගේ වචනය අනුව අපි උන්වහන්සේගේ පාරාදිසියේ තනි වී නොසිටිමු. දෙවියන්වහන්සේගේ දැනුම මෙන් මාගේ දැනුම ද සම්පූර්ණ වන්නේ ය (1 කොරින්ති 13:12). මෙයින් පෙන්නුම් කරනුයේ අපි අපගේ මිතුරන් පවුලේ අය හදුනා ගන්නේ ය යන්නය. වෙනත් වචන වලින් කිවහොත්, ස්වර්ගයේ රහස් සදහා අවශ්‍යතාවක් නොමැති බවයි. ලැජ්ජාවට පත් වීමට අවශ්‍යතාවයක් නැත. සැගවීමට කිසිවක් නැත. සියඵ ජාතීන්ගෙන් ද, ගෝත්‍රවලින් ද, ජන සමූහයාගෙන් ද, භාෂාවන්ගෙන් ද කිසිවෙකු ට ගණන් කළ නොහැකි තරම් ඉමහත් පිරිසක් සමග සම්බන්ධ වීමට අපට හැකියාව ඇත (එලිදරව් 7:9) ස්වර්ගය ඉමක් නොමැති දැනුමක් ලබාගත හැකි ස්ථානයක් වීම පුදුම සහගත නොවේ. සියඵ දෙනාම හදුනාගැනීම මගින් සදාතනය කරා අප ළගා කෙරේ. දෙවියන්වහන්සේ සදාතන උද්‍යානයේ දී අපි කුමක් කරමු දැයි යන්න ගැන තවදුරටත් උපේක්ෂාවෙන් සිටීම අබිභවා යනුයේ මතෙව් 25:34 හි සදහන් මෙම පද වලිනි. මාගේ පියාණන් වහන්සේගෙන් ආශිර්වාද ලද්දෙනි, එන්න, ලෝකය පටන් ගැන්මේ සිට ඔබට සූදානම් කර කිබෙන රාජ්‍ය උරුම කර ගන්න. අප කරන ඕනෑම දෙයක්ම අපගේ බලාපොරොත්තුවට වඩා චමත්කාර වන බවට අපට සහතික විය හැක.
Sunday, May 19, 2019
විවිධ මට්ටමේ ස්වර්ගයන් තිබේද?
විවිධ මට්ටම් සහිත ස්වර්ගයන් තිබෙන්නට හැකිය යන්නට ආසන්නතම කරුණ ශුද්ධ ලියවිල්ලෙන් සොයා ගන්නට ලැබෙන්නේ 2 කොරින්ති 12:2 හි සඳහන් වන “ක්‍රිස්තුස් වහන්සේ තුළ වූ මනුෂ්‍යයයෙක් දනිමි, ඔහු දසසතර අවුරුද්දකට ප්‍රථම තුන්වෙනි ස්වර්ගයට පවා ඇද ගන්නා ලද්දේය. එසේ උනේ ශරීරයෙන් යුක්තවද ශරීරයෙන් වියුක්තවද කියා නොදනිමි, දෙවියන් වහන්සේ දන්නා සේක”. සමහරු මෙය අර්ථ දක්වන්නේ මට්ටම් තුනක ස්වර්ගයන් ඇති බවත්, එක් මට්ටමක් “උත්තරීතර කැපවීමකින් යුක්තවූ කිතුනුවන්” නොහොත ඉතාමත් උසස් මට්ටමේ අධ්යාත්මිකතාවයක් අත්පත් කරගත් කිතුනුවන්ටත්, තවත් මට්ටමක් “සාමාන්‍ය” කිතුනුවන්ටත්, අනෙක් මට්ටම දෙවියන් වහන්සේට විශ්වාස වන්තව සේවය නොකල කිතුනුවන්ටත්ය. මෙම දර්ශනයට කිසිඳු පදනමක් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන්ව නොමැත.
ස්වර්ග තුනක් හෝ ස්වර්ගයෙහි මට්ටම් තුනක් හෝ ඇති බවට පාවුලු ප්‍රකාශ නොකරයි. පැරණි සංස්කෘතිවල මනුෂ්‍යයන් “ස්වර්ගය” යන වචනය භාවිතා කලේ වෙනස් “ක්ෂේත්රයන්” තුන එනම් ආකාශය, අභ්‍යාවකාශය සහ ආත්මික ස්වර්ගය විස්තර කිරීමටය. මෙම පද නිරූපිත වශයෙන්ම බයිබලය හා සම්බන්ධ නූනත් මේවා පොදුවේ හඳුන්වනු ලබන්නේ පොළොවෙහි පවත්නා සම්පූර්ණ සහ අවසානවූ සහ දිව්‍යමය ස්වර්ගයන්ය. පාවුලු ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් වහන්සේ විසින් ඔහුව එතුමන් වැජඹෙන දිව්‍යමය ස්වර්ගයට රැගෙන ගිය බවයි. විවිධ මට්ටමේ ස්වර්ගයන් පිළිබඳව සංකල්පය එළි දැක්වෙන්ට ඇත්තේ ඩාන්ටේ නම්වූ කිවියා දිව්‍ය විකට නාටකය නොහොත් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන ඩිවයින් කොමඩි යන්නෙහි විස්තර කරන ආකාරයට, ස්වර්ගයන් සහ නිරයන් මට්ටම් 9 ක් ඇති බවයි. කෙසේ නමුත් ඩිවයින් කොමඩි යන්න ප්‍රබන්ධ කථාවකි. විවිධ මට්ටමේ ස්වර්ගයන් පිළිබඳ අදහස ශුද්ධ ලියවිල්ලට කිසිඳු සම්බන්ධකමක් නැත.
ස්වර්ගයෙහි ඇති විවිධාකාර විපාකයන් පිළිබඳව ශුද්ධ ලියවිල්ලෙහි නොපවසයි. යේසුස් වහන්සේ විපාකයන් පිළිබඳව පැවසුවේ “මෙන්න ඉක්මනින් එමි. එකිණෙකාට තමතමාගේ ක්රියාවේ හැටියට දෙන පිණිස මා සමග විපාක තිබේ” (එළිදරව් 22:12). යේසුස් වහන්සේ පැවසුවේ, එතුමන් නැවත ආ කළ මනුෂ්‍යයන් ඔවුන් කර ඇති දේ පදනම් කොටගෙන ඔවුන්ට විපාක දෙන බවයි. මෙයින් පෙනී යන්නේ ඇදහිලිවන්තයන්ට විපාක ලැබෙන කාලයක් තිබෙන්නට යන බවයි. 2 තිමෝති 4:7-8 හි අපට දක්නට ලැබෙන පරිදි පාවුලු ඔහුගේ කිතුනු සේවාව අවසන් කරමින් සඳහන් කළ වචන වනුයේ “මම යහපත් යුද්ධයෙහි යුද්ධ කළෙමි, මම දිවීම කෙළවර කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. එය ධර්මිෂ්ඨ විනිශ්චය කරාවූ ස්වාමින් වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ, උන් වහන්සේගේ ප්‍රකාශවීමට ආශාවෙන් සිටන්නාවූ සියල්ලන්ටද දෙනවා ඇත”.
දෙවියන් වහන්සේගේ ගින්නෙන් පිරිසිදු කරනු ලැබූ නමුත් නොනැසී පවතින කර්මාන්ත පමණක් සදාකාලික වටිනාකමක් ඇති සහ විපාක ලැබීමට යොග්‍ය වේ. මෙම වටිනා කර්මාන්ත හඳුන්වනු ලබන්නේ “රන් රිදී සහ අනර්ඝ ගල්” ලෙසින් වන අතර (1 කොරින්ති 3:12) ඒවා ගොඩ නගනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ල නමැති අත්තිවාරම මතයි. යහපත් විපාක නොලැබෙන කර්මාන්ත නම් කරනු ලබන්නේ “ලී තෘණ සහ පිදුරු” ලෙසිනි. මේවා දූෂ්ඨ ක්‍රියා නොවන නමුත් සදාකාලික වටිනාකමක් නොමැති අඥාණ ක්‍රියාකාරකම් වේ. යහපත් විපාකයන් බෙදාහැරීම සිදුවන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චායාසනයේ-එනම් විපාක දීමේ අරමුණින් ඇදහිලිවන්තයන්ගේ ජීවිත ඇගයීමට ලක් කරන්නාවූ ස්ථානයකය.
ඇදහිලි වන්තයන්ගේ විනිශ්චය කිසි විටක පාපයන්ට දඬුවම් දීමක් ලෙස සඳහන් නොවේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියෙහි මැරී අපගේ පාපයන් වෙනුවෙන් දඬුවම් වින්ද සේක. උන් වහන්සේ අප ගැන ප්‍රකාශ කළේ “එසේය, මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණා කරන්නෙමි, ඔවුන්ගේ පව්ද තවත් සිහි නොකරන්නෙමි” යනුවෙනි. කෙතරම් මහිමාන්විත සිතුවිල්ලක්ද? කිතුනුවන් දඬුවම් පිළිබදව බියකින් පසු නොවිය යුතු නමුත් ගැළවුම්කාරයාණන්ගේ දෙපා ළඟ තැබිය හැකි විපාක නමැති ඔටුනු කෙරෙහි ආශාවෙන් බලාපොරොත්තු විය හැක. එසේ හෙයින් අවසාන නිගමනය වනුයේ, විවිධ මටිටමේ ස්වර්ගයන් නොමැති නමුත් ස්වර්ගයෙහි විවිධාකාර විපාකයන් අන්තර්ගතවේ යනුවෙනි.

ස්වර්ගය කෙබඳු ආකාරද?
බයිබලයේ සඳහන් ආකාරයට ස්වර්ගය තාත්වක ස්ථානයකි. ස්වර්ගය යන වචනය නව (අලුත්) ගිවිසුමේ පමණක් 276 වාරයක්ම සොයා ගැනීමට හැකිවේ. ශුද්ධ ලියවිල්ලේ ස්වර්ගයන් 3 ක් පිළිබඳව සඳහන්වේ. අපෝස්තුලු පාවුලුව තුන්වන ස්වර්ගයට ඇදගනු ලැබුනු නමුත්, එහිදි ඔහු අත්දුටු කිසිවක් අනාවරණය කිරීමට ඔහුට තහනම් කරන ලදි (2 කොරින්ති 12:1-9).
තුන්වන ස්වර්ගයක් තිබේ නම් තවත් ස්වර්ග දෙකක් තිබිය යුතු වේ. පරණ ගිවිසුමේ පළමු වැන්න පිළිබඳව නිතරම සඳහන් කරනු ලබන්නේ අහස නොහොත් අන්තරික්ෂය යනුවෙනි. වළාකුලු අන්තර්ගත වූත් කුරුල්ලන් පියඹා යනවුත් ස්වර්ගය මෙය වේ. දෙවන ස්වර්ගය නම් තාරකා අතර පවත්නා නොහොත් අභ්යාවාකශය වන අතර එය තාරකා, ග්‍රහලෝක, සහ අනෙකුත් ආකාශ වස්තුන්හී රැඳවුම් ස්ථානයවේ (උත්පත්ති 1:14-18).
පිහිටා ඇති ස්ථානයක් පිළිබඳව අනාවරණය නොකරන ලද තුන්වන ස්වර්ගය අපගේ දෙවියන් වහන්සේගේ වාසස්ථානයයි. යේසුස් වහන්සේ සැබෑ කිතුනුවන්ට ස්වර්ගයෙහි ස්ථානයක් පිළියෙල කිරීමට පොරොන්දු වූ සේක (යොහන් 14:2). ගැලවුම් කාරයාණන් පිළිබඳව, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇතුව මිය ගියාවූ පරණ ගිවිසුමේ සඳහන් ශුද්ධ වන්තයන්ගේ ගමනාන්තද ස්වර්ගය වේ. උන් වහන්සේ කෙරෙහි අදහාගන්න හැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන්නෝය (යොහන් 3:16).
අපෝස්තුලු යොහන්ට ශුද්ධවූ නගරය බැලීමට සහ ඒ පිළිබඳව වාර්තා කිරීමට වරප්‍රසාදය ලැබිනි (එළිදරව් 21:10-27). ස්වර්ගයෙහි (අලුත් පොළොවෙහි) දෙවියන් වහන්සේගේ තේජස එනම් එතුමන්ගේ අභිමුඛත්වය හිමිවී ඇති බවට යොහන් සාක්ෂි දරයි (එළිදරව් 21:11). ස්වර්ගයෙහි රාත්‍රියක් තවත් නාවන්නේය. පහන් ආලෝකයවත් සූර්යයාලෝකයවත් ඔවුන්ට ඕනෑ නැත. මක්නිසාද ස්වාමිවූ දෙවියන් වහන්සේ ඔවුන්ට ආලෝකය දෙන සේක (එළිදරව් 25:5).
එම නුවර පළිඟු මෙන් පැහැදිලිවූ සූර්යකාන්ති ගලක අනර්ගත්වයකින් යුක්තව කාන්තිමත් භාවයකින් පිරී යයි. එහි දොරටු 12 ක් (එළිදරව් 22:12) සහ අත්තිවාරම් 12 ක් (එළිදරව් 22:14) ඇත. ඒදන් උයනේ ඇති පාරාදීසය නැවත ප්‍රතිෂ්තාපනය වේ. පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්ද. මාස්පතා ඵල දෙන ජීවන වෘක්ෂය තිබුණේය. ඒ වෘක්ෂයේ කොළ ජාතීන්ගේ සුව වීම පිණිසය (එළිදරව් 22:1-2). කෙසේ නමුත් කථාවෙහි දක්ෂ යොහන්, ස්වර්ගය ගැන විග්රහ කරමින් සිටි අතර, ස්වර්ගයේ යතාර්ථය නම් පරිමිත මිනිසාට විග්රහ කිරීමට ඇති හැකියාවෙන් ඔබ්බට යන්නකි (1 කොරින්ති 2:9).
ස්වර්ගය වූ කලී තවත් නරක දේ නොවන ස්ථානයකි. මරණය තවත් නොවනානේය, වැළපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය (එළිදරව් 21:4). තවත් වෙන්වීමක් නොවන්නේය මන්දයත් මරණය ජය ගනු ලැබීය (එළිදරව් 20:6). ස්වර්ගය පිළිබඳ ඇති හොඳම කරුණ නම් අපෙග් ගැළවුම් කාරයාණන් වන ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වය එහි තිබීමයි (1 යොහන් 3:2). අපට ප්‍රේම කළාවූ සහ අප වෙනුවෙන් දිවි පිදූ බැටළු පෝතුමන් හා සමග මුහුණට මුහුණලා සිට, ස්වර්ගෙයහි එතුමන්ගේ අභිමුඛත්වය තුළ සදාකාලික ප්‍රීතිය භුක්ති විඳීමටද අපට හැකි වේ.
Subscribe to:
Posts (Atom)