Monday, December 30, 2013

Mage Yesu - YES Official Music Video New Sinhala Songs 2014

Ran Tharuwak - Shehan Fernando - Christmas Song

උපදේශනය - Counselling


              මෙම Post එක තුලින් නිකුත්වන්නාවු ලිපි වල අරමුණ වනුයේ කිතුනු ආත්මික උපදේශනය වෙතට පාඨකයන් යොමු කිරිමයි .මෙම ලිපි මගින් න්‍යායික කරැණු මෙන්ම, ප්‍රයෝගිකව බාවිතා කිරිමට හැකි අවස්ථාවන් සම්බන්ධවත් ඔබ දැනුවත් කර ඇත.  එසේම මෙම ලිපි පුද්ගලිකව තමන්ගේ ගැටලු නිරාකරනය කිරිමට යමෙකුට ස්වයං අධ්‍යයනයක් ලෙස උපකාර වනවාසේම,  ඵලදායි ලෙස තමුන්ගේ උපදේශන කටයුතු වල නිරත විමට කැමැත්ත දක්වන්නාවු උපදේශකයන් හටත් මෙම ලිපි  ප්‍රයෝජනවත්  වනු ඇතැයි අප විශ්වාස කරමු.  මෙම ලිපි සම්බන්ධව ඔබගේ අදහස් හිමිදින සමග  බෙදාගැනිම මගින් ඔබටත් අප සේවය සමග එක්විමට පුලුවන.  

මෙම ලිපි PDF ලෙස කියවිමට පහත Link වෙත යොමු වන්න 

  1. ආත්මික උපදේශනය 
  2. පවුල් සම්බන්ධතා 
  3. ලිංගිකත්වය හා බයිබලය 
  4. ආත්මික උපදේශනය 1 -වන කොටස
  5. ආත්මික උපදේශනය සදහා උදාහරන කිහිපයක් 1 වන කොටස 
  6. ආත්මික උපදේශනය 2 -වන කොටස
  7. ආත්මික උපදේශනය සදහා උදාහරන කිහිපයක්  II කොටස

නායකත්වය ( Leadership )


  1. කිතුණු දේවසේවයේ ගෞරවය-    චාල්ස් බ්‍රිජස් - පරිවර්තනය - දේවගැති බැසිල් සී’ ප්‍රනාන‍දු  


Sunday, December 29, 2013

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවැනි පැමිණිම


ජෙසුස් ක්‍රිස්තුස් රජාණන්වහන්සේ නැවත මෙළොවට පැමිණේ

ජෙසුස්වහන්සේගේ හදිසි පැමිණිම පිළිබඳ ශුද්ධ ලියවිලි ලකුණු

ලේඛක : හෝමර් ඩන්කන්

මෙම ලිපි PDF ලෙස කියවිමට පහත Link වෙත යොමු වන්න 

  1. යේසුස්වහන්සේ මෙලොවට විගස පැමිණෙන බවට ලකුණු
  2. තමන් වහන්සේ නැවත මෙලොවට පැමිණෙන බවට යේසුස් වහන්සේ කළ ප්‍රකාශ
  3. දේවදුත පණිවුඩකරැවන්ගේ සාක්ෂිය
  4. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණිම ගැන පුරාණ අනාගතවතෘවරැන් කල ප්‍රකාශ
  5. යේසුස් වහන්සේ ගේ පැමිණිම ගැන එළිදරව් පොත තුල වන කරැණු
  6. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ දෙවැනි පැමිණිම පිළිබද වැරදි මත

නත්තල් පණිවුඩය - දේව දුතයින් සහ එඩේරුන්-

දේව දුතයින් සහ එඩේරුන් (ලූක් 2:8-20)

යේසුස්වහන්සේ ඛෙත්ලෙහෙමේ උපත ලැබුකල එම ප්‍රීතිමත් ආරංචිය පළමුව දෙන ලද්දේ එඩේරුන් කණ්ඩායමකට වීම පුදුමයට කරුණකි. එම කාලයේ විසු තමන් සම්මත ධර්මාණුකූල ජනයා යැයි සැලකු අය එඩේරුන් සුලුකොට සැලකූහ.  එඩේරුන් හට අකුරටම ධර්මනීති ලෙස පිලිවෙත් සැලසිම පහසු කාර්්‍යයක් නොවීය. ඔවුන් හට විවිධ සේදීම් පිරිසිදුකිරිම් යනාදියට අ‍දාළ නීති රෙගුලාසි පැවැත්වීම අසීරු විය. ඔවුන්ගේ බැටලුරැළ සම්බන්ධයෙන් නිරන්තරයෙන් විවිධ කාර්්‍යයන් කිරිමට ඔවුන්ට සිදුවිය. තමන් සම්මත ධර්මයන් අනුව ජීවත් වන්නේ යැයි සලකන ලද යුදෙව් ජනයා මෙම එඩේරුන් පහත්කොට සැලකූහ. යේසුස්වහන්සේගේ උපත පිළිබඳව පණිවුඩය ප්‍රථමයෙන් පැමිණියේ මෙම තණ පිට්ටනිවල බැටලුවන් බලාගනිමින් සිටි චාම් එඩේරුන් හටය.
මෙම එඩේරුන් ඉතා විශේෂිත කණ්ඩායමක් වුහ. යෙරුසලම දේවමාලිගයෙහි දිනපතා උදේ සවස නොකැලැල් බැටලුවෙකු දෙවියන්වහන්සේට පුද කරන ලදහ. පුජා කිරිම සඳහා සම්පුර්ණ බැටලුවන් සැපයිම සඳහා දේව මාලිගයේ බලධාරින් විසින් තමන්ගේ පෞද්ගලික බැටලු රැළවල් ඛෙත්ලෙහෙම සමීපයෙහි ඇති කරන ලදහ. බොහෝ විට දේව මාලිගාවේ පුජාවන් සඳහා තෝරා ගනු ලැබු බැටලුවන් මෙම එඩේරුන් විසින් රැකබලා ගන්නා ලද බැටලු රැළවල් වලින් ගන්නට ඇත. මනහර සිතිවිල්ලක් වන්නේ දෙවියන්වහන්සේගේ ලෝකයේ පාප දුරුකරන බැටලු පැටවාණෝ නමින් හඳුන්වනු ලැබු යෙසුස්වහන්සේ උපන් විට පළමුව උන්වහන්සේ බැහැදැකිමට යන ලද්දේ මෙම දේවමාලිගයේ බැටලුවන් රැකබලා සිටි අයවීමය.
යුදා ජනයා සමාජයේ පිරිමි දරුවෙකු උපන්විට ප්‍රදේශයේ සංගීතකරුවෝ එම නිවසට රැස්ව ගීත ගායනා කළහ. යේසුස්වහන්සේ ඛෙත්ලෙහෙමේ ගවහලක උපන් බැවින් එම පිලිවෙත නිවසකදි ඉටු නොවීය. තවත් අගනා සිතුවිල්ල වන්නේ භූමියේ ගීතිකා ගායනා කණ්ඩායමක් නොමැතිව ස්ථානයකදි ස්වර්ගීය දේවදුත ගීතිකා කණ්ඩායමක් එම ස්ථානයේ ගෙන පොළොවේ ගායකයන් හට වඩා උත්තරිතර ගීතයක් යේසුස්වහන්සේගේ උපතේදි ගායනා කිරිමය.
ඉහත දක්වන ලද ශු. ලියවිලි පාඨය කියවීමේදී දේව පුත්‍ර යේසුස්වහන්සේගේ උපත පිළිබඳව රුව චාම් භාවය අපි දකින්නෙමු. අප බලාපොරොත්තු විය හැක්කේ දේවපුත්‍රයාණෝ මෙලොවට උපදින්නේ නම් එය මාලිගයක මන්දිරයක විය යුතු යනුවෙනි. එක්තරා යුරෝපිය රජතුමෙක් බොහෝ විට මාලිගයෙන් පිටවී වෙස්වලාගෙන ජනයා වෙතට යාම ගැන ඔහුගේ මාලිගයේ අය මහත් සැලකිලිමත් වන්නට වුහ. ආරක්ෂක හේතුන් මත එසේ නොකරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි හමුදාභටයාට එම රජතුමාගේ ප්‍රකාශය වුයේ මගේ ජනයා ජීවත් වන්නේ කෙසේදැයි මම නොදන්නේ නම් මා හට ඔවුන් පාලනය කළ නොහැකිය යනුවෙනි. කිතුණු ඇදහිල්ලේ මහත් චින්තනය වන්නේ අපහට සිටින්නේ අප ජීවත්වන ජිවිතය දන්නාවු දෙවිකෙනෙකුවීමය. එතුමානෝද අප ගතකරනු ලබන සාමාන්‍ය ජිවිතය ගත කරන ලද අතර එතුමාණෝ සාමාන්‍ය ජනයාට වඩා විශේෂ වරප්‍රසාද ඉල්ලා නොසිටි සේක.
සටහන- ඉහත කොටස සකස් කරන ලද්දේ බයිබල් අටුවාචාරි විලියම් බාක්ලේ තුමාගේ, ලූක්තුමාගේ සුභාරංචිය ඇසුරින් සකස් කරන ලද දිනපතා බයිබල් අධ්‍යනය ඇසුරිනි.
සැකසුම - සභාපාලක බැසිල් සී ප්‍රනාන‍දු

අපගේ මෙම උත්සාහය සහ අරමුණ වන්නේ කිතුණු දේව සේවකයා වඩා හොඳ නායකත්ව තලයකට ගෙන ඒම සඳහා රුකුල්දීමකි. මෙහි සඳහන් වන දේ පිළිබඳව ඔබේ අදහස් යෝජනා අප වෙත දන්වා එවන්න.

For PDF Format



About