දේව දුතයින් සහ එඩේරුන් (ලූක් 2:8-20)
යේසුස්වහන්සේ ඛෙත්ලෙහෙමේ උපත ලැබුකල එම ප්‍රීතිමත් ආරංචිය පළමුව දෙන ලද්දේ එඩේරුන් කණ්ඩායමකට වීම පුදුමයට කරුණකි. එම කාලයේ විසු තමන් සම්මත ධර්මාණුකූල ජනයා යැයි සැලකු අය එඩේරුන් සුලුකොට සැලකූහ. එඩේරුන් හට අකුරටම ධර්මනීති ලෙස පිලිවෙත් සැලසිම පහසු කාර්්‍යයක් නොවීය. ඔවුන් හට විවිධ සේදීම් පිරිසිදුකිරිම් යනාදියට අදාළ නීති රෙගුලාසි පැවැත්වීම අසීරු විය. ඔවුන්ගේ බැටලුරැළ සම්බන්ධයෙන් නිරන්තරයෙන් විවිධ කාර්්‍යයන් කිරිමට ඔවුන්ට සිදුවිය. තමන් සම්මත ධර්මයන් අනුව ජීවත් වන්නේ යැයි සලකන ලද යුදෙව් ජනයා මෙම එඩේරුන් පහත්කොට සැලකූහ. යේසුස්වහන්සේගේ උපත පිළිබඳව පණිවුඩය ප්‍රථමයෙන් පැමිණියේ මෙම තණ පිට්ටනිවල බැටලුවන් බලාගනිමින් සිටි චාම් එඩේරුන් හටය.
මෙම එඩේරුන් ඉතා විශේෂිත කණ්ඩායමක් වුහ. යෙරුසලම දේවමාලිගයෙහි දිනපතා උදේ සවස නොකැලැල් බැටලුවෙකු දෙවියන්වහන්සේට පුද කරන ලදහ. පුජා කිරිම සඳහා සම්පුර්ණ බැටලුවන් සැපයිම සඳහා දේව මාලිගයේ බලධාරින් විසින් තමන්ගේ පෞද්ගලික බැටලු රැළවල් ඛෙත්ලෙහෙම සමීපයෙහි ඇති කරන ලදහ. බොහෝ විට දේව මාලිගාවේ පුජාවන් සඳහා තෝරා ගනු ලැබු බැටලුවන් මෙම එඩේරුන් විසින් රැකබලා ගන්නා ලද බැටලු රැළවල් වලින් ගන්නට ඇත. මනහර සිතිවිල්ලක් වන්නේ දෙවියන්වහන්සේගේ ලෝකයේ පාප දුරුකරන බැටලු පැටවාණෝ නමින් හඳුන්වනු ලැබු යෙසුස්වහන්සේ උපන් විට පළමුව උන්වහන්සේ බැහැදැකිමට යන ලද්දේ මෙම දේවමාලිගයේ බැටලුවන් රැකබලා සිටි අයවීමය.
යුදා ජනයා සමාජයේ පිරිමි දරුවෙකු උපන්විට ප්‍රදේශයේ සංගීතකරුවෝ එම නිවසට රැස්ව ගීත ගායනා කළහ. යේසුස්වහන්සේ ඛෙත්ලෙහෙමේ ගවහලක උපන් බැවින් එම පිලිවෙත නිවසකදි ඉටු නොවීය. තවත් අගනා සිතුවිල්ල වන්නේ භූමියේ ගීතිකා ගායනා කණ්ඩායමක් නොමැතිව ස්ථානයකදි ස්වර්ගීය දේවදුත ගීතිකා කණ්ඩායමක් එම ස්ථානයේ ගෙන පොළොවේ ගායකයන් හට වඩා උත්තරිතර ගීතයක් යේසුස්වහන්සේගේ උපතේදි ගායනා කිරිමය.
ඉහත දක්වන ලද ශු. ලියවිලි පාඨය කියවීමේදී දේව පුත්‍ර යේසුස්වහන්සේගේ උපත පිළිබඳව රුව චාම් භාවය අපි දකින්නෙමු. අප බලාපොරොත්තු විය හැක්කේ දේවපුත්රයාණෝ මෙලොවට උපදින්නේ නම් එය මාලිගයක මන්දිරයක විය යුතු යනුවෙනි. එක්තරා යුරෝපිය රජතුමෙක් බොහෝ විට මාලිගයෙන් පිටවී වෙස්වලාගෙන ජනයා වෙතට යාම ගැන ඔහුගේ මාලිගයේ අය මහත් සැලකිලිමත් වන්නට වුහ. ආරක්ෂක හේතුන් මත එසේ නොකරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි හමුදාභටයාට එම රජතුමාගේ ප්‍රකාශය වුයේ මගේ ජනයා ජීවත් වන්නේ කෙසේදැයි මම නොදන්නේ නම් මා හට ඔවුන් පාලනය කළ නොහැකිය යනුවෙනි. කිතුණු ඇදහිල්ලේ මහත් චින්තනය වන්නේ අපහට සිටින්නේ අප ජීවත්වන ජිවිතය දන්නාවු දෙවිකෙනෙකුවීමය. එතුමානෝද අප ගතකරනු ලබන සාමාන්‍ය ජිවිතය ගත කරන ලද අතර එතුමාණෝ සාමාන්‍ය ජනයාට වඩා විශේෂ වරප්‍රසාද ඉල්ලා නොසිටි සේක.
සටහන- ඉහත කොටස සකස් කරන ලද්දේ බයිබල් අටුවාචාරි විලියම් බාක්ලේ තුමාගේ, ලූක්තුමාගේ සුභාරංචිය ඇසුරින් සකස් කරන ලද දිනපතා බයිබල් අධ්‍යනය ඇසුරිනි.
සැකසුම - සභාපාලක බැසිල් සී ප්‍රනානදු
අපගේ මෙම උත්සාහය සහ අරමුණ වන්නේ කිතුණු දේව සේවකයා වඩා හොඳ නායකත්ව තලයකට ගෙන ඒම සඳහා රුකුල්දීමකි. මෙහි සඳහන් වන දේ පිළිබඳව ඔබේ අදහස් යෝජනා අප වෙත දන්වා එවන්න.
For PDF Format
For PDF Format
No comments:
Post a Comment