(01) ජේසුස්වහන්සේගේ දයා අනුකම්පාවේ සිත
‘‘මම සමුහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි.”(මාර්ක් 8:2)
උන්වහන්සේ ජනයාට කොපමණ අනඟි ආදර්ශයක්ද? උන්වහන්සේගේ මෘදු අනුකම්පාවෙන්, උන්වහන්සේ ලෝකය මැවු සේක. උන්වහන්සේ ලෝකය මිදීමට ආ සේක. බෙතෙස්දා පොකුණ අසල සිටි අන්ධ කොර ආබාධිත යහන්වල වැතිර සිටි ජනයා කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන් සුව කළ සේක. දුක්ඛිත ජනයාගේ හඬ උන්වහන්සේ දෙසවනට සැම දෙසින්ම යොමු විය. බෙතෙස්දා පොකුණ වටා හැසිරෙමින් මනුෂ්‍යයින් කෙරෙහි අනුකම්පාව දක්වමින් ඔවුනට සහනයදීම උන්වහන්සේගේ සතුට විය. දුක් වේදනාවන්ගේ සිහින් ශබ්දයට උන්වහන්සේ නැවතී සවන් යොමු කළ සේක. එම අපරිමිත පේ‍්‍රමයයේ උල්පත ඔවුන් වෙත ගලා ගියේය.
ඒ කුෂ්ඨ රෝගියෙක්ද?

මම කැමැත්තෙමි, පවිත‍්‍ර වන්නයැයි වදාළ සේක. එකෙණහිම ලාදුරු රෝගය පහ වී ඔහු පවිත‍්‍ර කරනු ලැබීය. (මාක් 1:40-42)
එය ජෙරිකෝ මාවතේ අන්ධකාරයේ මොරගසන සිඟාකමින් සිටි අන්ධයින් උපකාරය ඉල්ලා මොරගැසීමේ හඬ විය.
‘‘ස්වාමිනී දාවිත්ගේ පුත‍්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනවැයි මොර ගැසුහ.” (මතෙව් 20:31)
ජේසුස්වහන්සේ ඔවුන්ට අනුකම්පා කර, ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළ සේක. එකෙණෙහිම ඔව්හු පෙනීම ලැබ උන්වහන්සේ පසු පස්සේ ගියහ. (මතෙව් 20:34)
එය තම එකම පුත‍්‍රයාගේ මරණය හමුවේ වැළපෙමින් ගමන් ගත් නායින් නුවර වැන්දඹුවගේ කදුළද? ජේසුස්වහන්සේ ඇය දුටු විට ඇය කෙරෙහි අනුකම්පා කළ සේක.
‘‘ස්වාමින්වහන්සේ ඈ දුටු කළ ඈ කෙරෙහි අනුකම්පාකොට අඬන්ට එපායයි ඈට කී සේක.” (ලූක් 7:11)
ජේසුස්වහන්සේ ජෙරුසලමේ විනාශය ගැන දුක් වු සේක. (මතෙව් 23:37)

පොහොසත් තරුණයෙක් සදාකාල ජීවනය සෙවීම
‘‘නුඹ සන්තක සියල්ල විකුණා දිළඳුන්ට දීමෙන් ස්වර්ගයෙහි නුඹට වස්තුව ඇති වන්නේය. නුඹ මා අනුව වරෙන්නැයි ඔහුට කී සේක. එහෙත් ඔහු ඒ කීම නිසා මලානික වී, දොම්නසින් පිරීී එතැනින් නික්ම ගියේය. (මාර්ක් 10:17-22)
දිළිඳු සැදැහැවතුන් ජේසුස්වහන්සේගේ නියෝජිතයෝය. ජේසුස්වහන්සේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් සලකන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් ලෙසය. එම අවශ්‍යතාවයන් සලසන්නන්ට උන්වහන්සේ යහපත් ප‍්‍රතිවිපාක තිළිණයන් දානය කරන සේක. කිතුණු පේ‍්‍රමයේ ඉතා කුඩා ප‍්‍රකාශවීමක් පවා උන්වහන්සේ අගය කරන සේක. වැන්දඹු ස්ති‍්‍රය පඩුරු පෙට්ටියට දැමු ඇයට ජීවත්වීමට තිබු ඒ ඉතා කුඩා මුදල, කුඩා කාසි ප‍්‍රමාණය උන්වහන්සේ අගය කළ සේක. ජේසුස්වහන්සේගේ නාමයෙන් දෙනු ලබන වතුර බඳුන උන්වහන්සේ අගයන සේක. කාරුණික බැලීම එසේය. කාසි නැතිවුන් වතුර පවා නැති නම් කාරුණික බැල්මෙන්වත් අසරණයන්ට සැලකිය නොහැකිද? අපි උන්වහන්සේගේ නාමයෙන් එය කරන්නේ නම් එය ‘‘ජීවනයේ පොතට” ඇතුලත් වේ. එය ස්වාමින්වහන්සේට ණයට දීමක් වන්නේය. එම දිනයේදී පොත් දිග හරින විට එම ණයට දුන් මුදල් පිළිබඳ වාර්තාවක් එහි ප‍්‍රතිඑලත් දැකිය හැකි වනු ඇත. ස්වාමින්වහන්සේ කිසිවෙකුට ණය නොවනු ඇත. දුන් පමණට වඩා නැවත දෙනු ලබනවා ඇත.

‘‘දිළිඳුන්ට දෙන්නා සමිඳුන්ට ණයට දෙයි. පසුව සමිදාණෝ ඔහුට වැඩි වැඩියෙනුත් දෙන සේක. (හිතෝපදේශ 19:17 -නව අනුවාදය දෙවන සංස්කරණය)
No comments:
Post a Comment